FAST NEWS

24×7 Around the Globe

සබීතා පෙරේරා අද (01) ජනපති කොමිසම හමුවට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ප‍්‍රවීණ රංගන ශිල්පිනී සබීතා පෙරේරා මහත්මිය අද (01) ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ පොලිස් ඒකකයට කැඳවා තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන බත්තරමුල්ලේ පිහිටි පෞද්ගලික ගොඩනැගිල්ල පිළිබඳ ලැබී ඇති පැමිණිල්ලට අදාළව ප‍්‍රකාශයක් ලබා ගැනීම සදහා අදාළ කැදවීම සිදුකර ඇත.

එම ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රුපියල් මිලියන 21 ක මාසික කුලියකට ලබා ගන්නා අවස්ථාවේදී අයිතිකාර පාර්ශ්වය වෙනුවෙන් එම ගිවිසුමට අත්සන් තැබූ අයෙක් ලෙසට සබීතා පෙරේරා මහත්මිය ගැන කොමිසම හමුවේ කරුණු හෙළි වී ඇති හෙයින් ඇයගෙන් ප‍්‍රශ්න කර ප‍්‍රකාශයක් ලබා ගැනීමට කොමිසම තීරණය කර ඇත.

මෙම සිද්ධියට අදාළව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක හිටපු කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ද මෙම කොමිසම හමුවේ පසුගියදා සාක්ෂි ලබාදුන්නේය.