(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රුහුණු විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨය දින නියමයක් නොමැතිව වසා දැමීමට තීරණය කර ඇත.
ඒ , පීඨාධිපතිවරයාට තර්ජනය කිරීමේ සිද්ධියක් හේතුවෙන්.
අද පස්වරු 6.00 ට පෙර සිසුන්ට වැල්ලමඩම පරිශ්‍රයෙන් ඉවත්වන ලෙසද උපදෙස් ලබාදී තිබේ.
එහි උප කුලපති මහාචාර්ය සුජීව අමරසේන මහතා කියා සිටියේ එලියකන්ද නේවාසිකාගාරය තුළ නවක වදය ලබාදෙන බවට ලද තොරතුරකට අනුව ඊයේ (30) රාත්‍රියේ සිදුකළ පරීක්ෂාවකදී සිසුන් පිරිසක් පීඨාධිපතිවරයාට මෙලෙස තර්ජනය කර ඇති බවයි.








