FAST NEWS

24×7 Around the Globe

රත්නපුරේ දේශීය ආදායම් ගොඩනැගිල්ල තුළ ගින්නක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රත්නපුර දේශීය ආදායම් ගොඩනැගිල්ලේ ඉහළ මහලේ විදුලි කාන්දුවක් හේතුවෙන් අද (31) අලුයම ඇතිවූ ගින්නකින් පරිගණක පද්ධතියට විශාල හානියක් සිදුවී ඇති බව වාර්තා වෙයි.

මෙම ගින්නෙන් දේශීය ආදායම් කාර්යාල ගොඩනැගිල්ලට ද හානි සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

මෙමගින් ජීවිත හානි කිසිවක් සිදුව නොමැත.