(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිස්ත්‍රික්ක කිහිපයකට මේ වන විට බලපවතින වැසි රහිත කාලගුණය හේතුවෙන් පුද්ගලයින් ලක්‍ෂ හයකට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
එම ජනතාව සදහා පානීය ජල ගැටලුව විසඳීමට ආපදා කළමණාකරණ අමාත්‍යාංශය විසින් මේ වනවිට කටයුතු කර තිබෙන බව එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
දැනට පවතින වියළි කාළගුණය හේතුවෙන් උතුරු පළාත, නැගෙනහිර පළාත ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවකට මෙම තත්ත්වය බලපවත්වා තිබේ.
වැසි රහිත කාලවලදී කැළෑ ගිනි තැබීමද වැඩි වන බව නිරීක්‍ෂණය වී තිබෙන බැවින් එවැනි අකටයුතුකම්වලින් වළකින ලෙසයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.








