FAST NEWS

24×7 Around the Globe

ප්‍රදේශ කීපයකට සවස් භාගයේදී වැසි ඇදහැලෙයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (31) පස්වරුවේ දිවයිනේ ඇතැම් ස්ථානවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව නැගෙනහිර සහ ඌව පළාත්වලට මෙන්ම, නුවරඑළිය, පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට පස්වරු කාලයේදී වැසි අපේක්ෂා කරයි.

එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටත් සිහින් වැසි ඇති විය හැක.

මීට අමතරව පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරේ හරහා මුලතිව් දක්වා වන මුහුදු ප්‍රදේශවල මෙන්ම හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය පැයට කිලෝමීටර් 45 ක්, 50 ත් අතර පැවතිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.