FAST NEWS

24×7 Around the Globe

යුධ හමුදාපතිවරයා අද (31) පාර්ලිමේන්තු කාරක සභාව හමුවට

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට යුධ හමුදාපති මහේෂ් සේනානයක මහතා අද (31) යළි සාක්ෂි ලබාදීමට නියමීතය.

අද (31) පෙරවරු 10.30 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී කාරක සභාව රැස්විමට නියමීතය.

මීට අමතරව හිටපු ආරක්ෂක ලේකම්වරයෙක් වු කපිල වෛද්‍යරත්න මහතාද අද (31) දිනයේ කාරක සභාවට කැඳවා ඇති බවද පැවසේ.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සුපුරුදු පරිදි ජනමාධ්‍ය සඳහා විවෘත කෙරෙයි.