FAST NEWS

24×7 Around the Globe

හෙරොයින් ජාවාරම්කරුවෙකුට මරණ දණ්ඩනය නියම වෙයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  හෙරොයින් ග්‍රෑම් 321 ක් සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරුවූ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කලුආරච්චි මහතා මරණ දඩුවම නියම කළේය.

මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම විත්තිකරු එම ප්‍රදේශයේදීම මත්කුඩු තොගයක් සමග පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ 2016 වසරේ ජනවාරි මස 16 වනදායි.