දිවයිනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 40 ක ඩෙංගු මර්දන විශේෂ වැඩසටහනක්

දිවයිනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 40 ක ඩෙංගු මර්දන විශේෂ වැඩසටහනක්

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  දිවයිනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 40ක් ආවරණය වන පරිදි හෙට (31) සිට ලබන මස (02) වන දා දක්වා තුන් දින ඩෙංගු මර්දන විශේෂ ක්ෂේත්‍ර වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය පියවර ගෙන තිබේ.

ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවල මෙම ක්ෂේත්‍ර වැඩසටහන ක්‍රියාත්මක බව නිවේදනයක් නිකුත් කරමින් ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

එමෙන්ම, අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන දිවයිනේ සියළුම විභාග මධ්‍යස්ථානවල සහ විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථානවලද, ලබන මස 2,3,4 යන දිනවලදී ධූමායන සහ පාසල් පරීක්ෂා කිරීමේ විශේෂ වැඩසටහනක් ද ක්‍රියාත්මක කෙරෙන බව එම ඒකකය කියයි.

CATEGORIES