(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කිලිනොච්චි ජයන්තිනගර් ප්රදේශයේදී මවක් සහ පුතෙක් සිය නිවසේදීම ඝාතනයට ලක්ව තිබේ.
74 හැවිරිදි මවක හා ඇයගේ 34 හැවිරිදි පුත්රයා මෙලෙස ඝාතනය වී ඇති අතර , ඔවුන් දෙදෙනා නිදා සිටියදී මොට ආයුධයකින් පහරදීමෙන් මෙම ඝාතන සිදුකර ඇති බව පොලිසිය පවසයි.
මෙම පවුලේ තවත් පුත්රයෙකු සිටින අතර ඔහු කිසියම් රෝගාබාධයකින් පෙළෙන අයෙකු බවටත් වාර්තා වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් වැඩිදුර විමර්ශණ ක්රියාත්මක කරනු ලබයි.








