FAST NEWS

24×7 Around the Globe

රැකියා විරහිත උපාධිධාරින් 16,800 දෙනෙකු අද (30) රාජ්‍ය සේවයට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රැකියා විරහිත උපාධිධාරින් 16, 800 කට අභ්‍යාසලාභී පුහුණු නිලධාරීන් ලෙස අලුතින් පත්වීම් ලබාදීමේ සමාරම්භක උත්සවය අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්වීමට නියමිතව ඇත.

විපක්ෂයේ ඇතැම් පිරිස් සිය දේශපාලන අභිමතාර්ථ මුදුන් පමුණුවා ගැනීමේ අභිලාෂයෙන් විවිධ වැරදි ප්‍රචාර ගෙන ගියත්, කිසිදු දේශපාලන මැදහත්වීමකින් තොරව, විනිවිදභාවයකින් උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ වැඩසටහන සිදුකරන බවත්, එහි සමාරම්භය අද දිනයේ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවන බවත් අග්‍රාමාත්‍ය කාර්යාලයේ සංවර්ධන සන්නිවේදන ඒකකය සදහන්කර සිටියි.

මෙහි සැලසුම්කර ඇති පරිදි උපාධිධාරීන් 16,800 කට පත්වීම් ලබාදීමට නියමිතව තිබේ.

අරලියගහ මන්දිරයේදී එක් කොටසකට පත්වීම් ලබාදීමට නියමිතව ඇති අතර, සෙසු පත්වීම් දීප ව්‍යාපත්තව ලබාදීමට නියමිතය.