FAST NEWS

24×7 Around the Globe

දුමීන්ද දිසානායක අද (30) ජනපති කොමිසම හමුවට

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා අද (30) පෙරවරු 9.30 ට රාජ්‍ය ආයතනවල දූෂණ සහ වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවවේ පොලිස් ඒකකය හමුවේ සාක්ෂි ලබාදීමට නියමිත එම කොමිෂන් සභා ආරංචි මාර්ග කියයි.

රුපියල් මිලියන 21ක මාසික කුලී පදනම යටතේ රාජගිරිය ප්‍රදේශයේ පෞද්ගලික ගොඩනැඟිල්ලක කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් එවකට කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාට එරෙහිව කරන්දෙණිය සමාජ සුබසාධන සංවිධානය විසින් පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා මෙම කැඳවිම කර ඇති බව පැවසේ.