(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අගෝස්තු මස 05 වනදා සිට ආරම්භ වීමට නියමිත උසස් පෙළ විභාගය සඳහා සියළුම කටයුතු මේ වන විට සූදානම් කර අවසන් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
එසේම උසස් පෙළ විභාගය ඉලක්ක කරගෙන දේශන, සම්මන්ත්රණ හා උපකාරක පන්ති පැවැත්වීම අද (30) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වන බවත් එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.
මීට අමතරව 05 වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා සියළු උපකාරක පන්ති සහ දේශන පැවැත්වීම ද හෙට (31) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වෙයි.
එම තහනම අදාළ විභාග අවසන් වන තෙක් බල පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.








