FAST NEWS

24×7 Around the Globe

ඩෙංගු මදුරු කීට විනාශ කරන නව රසායනික ද්‍රව්‍ය කිහිපයක් වෙළෙඳපොලට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ඩෙංගු මදුරු කීටයන් විනාශ කරන හා මදුරුවන් දෂ්ඨ කිරීම වළකන රසායනික ද්‍රව්‍ය කිහිපයක් හදුන්වාදීමට කටයුතු කළ බව පලිබෝධ නාශක රෙජිස්ට්‍රාර් ආචාර්ය ජේ. ඒ. සුමිත් මහතා සදහන් කරයි.

ලෝක සෞඛ්‍යය සංවිධානයේ නිර්දේශවලට අනුව මිනිස් සිරුරට මෙන්ම පරිසරයටද හානි නොවන අන්දමින් මෙම රසායනික ද්‍රව්‍ය නිපදවා තිබේ.

එම රසායනික ද්‍රව්‍ය මේ වන විට වෙළෙඳපොලෙන් මිලදී ගැනීමේ හැකියාව ද පවතී.

ඉදිකිරීම් ස්ථාන කුඩා ජලාශ හා ජලය එක්රැස්වන ස්ථානවලට මදුරුවන් බෝවීම වැළැක්විීම සදහා යෙදිය හැකි විශේෂ රසායනික ද්‍රව්‍ය වර්ග කිහිපයක්ද හදුන්වාදි ඇතැයි සුමිත් මහතා වැඩිදුරටත් පැවසීය.