FAST NEWS

24×7 Around the Globe

මහනුවර ඇසල පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර ලබන සඳුදා

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මහනුවර ඵෙතිහාසික ඇසල පෙරහර මංගල්‍යය සිව්මහල් දේවාලවල සුබ නැකතින් කප් සිටුවා නාථ, විෂ්ණු , පත්තිනි සහ කතරගම යන දේවාලවල අභ්‍යන්තර පෙරහර පැවැත්වීමෙන් පසු ලබන සදුදා පළමු කුඹල් පෙරහර විදී සංචාරය කිරීමට නියමිතය.

දින 05 ක් කුඹල් පෙරහර විදි සංචාරය කරන අතර රන්දෝලි පෙරහර විදි සංචාරය කිරීම ලබන මස 10 වැනිදා ඇරඹෙයි.

ලබන මස 14 වැනිදාට යෙදී ඇති නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අවසන් රන්දෝලි පෙරහර විදි සංචාරය කරයි.

මහනුවර දළදා පෙරහර සදහා යුද හමුදාව වාර්ෂිකව සිදුකරන කොප්පරා පූජාව අද පෙරවරුවේ පැවැත්වුණු අතර එහි ප්‍රධාන ආරාධිතයා ලෙස යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා එක්විය.

මෙවර පෙරහර සදහා විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක බව ඒ මහතා පැවසීය.