(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පළමු පැමිණිල්ලට අදාළ නඩුවේ සාක්ෂි විභාගය හෙට (30) දක්වා කල් දැමීමට නියෝග කර ඇත.
ඒ විජිත් මලල්ගොඩ, ගාමිණී අමරසේකර සහ එස්. තුරෙයිරාජා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අදාළ නඩුව අද (29) කැදවූ අවස්ථාවේදීයි.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රන්ජන් රාමනායකට එරෙහිව චෝදනා එල්ල වෙයි.
අද දිනයේ දී විභාග කිරීම සදහා නඩු විශාල ප්‍රමාණයක් ඇති බැවින් එය හෙට පෙරවරු 11.30 දක්වා කල් තැබීමටයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර තිබෙන්නේ.








