(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ (29) නුගේගොඩ – ජම්බුගස්මුල්ල ප්‍රදේශයේදී 38 හැවිරිදි ව්‍යාපාරිකයෙකු ඝාතනය කරමින් සිදුවූ වෙඩි තැබීම සැළසුම් සහගතව කොන්ත්‍රාත් පදනම මත සිදුකළ ඝාතනයක් බවට තොරතුරු ලැබී ඇති බව පොලීසිය පවසයි.
මිය ගිය ව්‍යාපාරිකයා 2000 වසරේ සිට 2003 වසර දක්වා පොලිස් ක්‍රිකට් කණ්ඩායමේ කොස්තාපල්වරයෙකු ලෙස ද සේවය කර තිබේ.
වෙඩි වැදීමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර සිටින බස් ව්‍යාපාරිකයා ද මෙරටට පැමිණ ඇත්තේ විදේශගතව සිට බව පොලීසිය සඳහන් කළේය.
මියගිය තැනැත්තා තවත් දින කිහිපයකින් දෙල්කඳ ප්‍රදේශයේ නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සැළසුම් කර තිබී ඇති අතර , මෙම ඝාතනය පිටුපස ව්‍යාපාරික මතභේදයක් ඇති බවට තොරතුරු හෙළවී ඇති බවත් පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා ගල්කිස්ස ප්‍රදේශය භාර පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ කණ්ඩායම් 03 ක් පත්කර තිබේ.








