FAST NEWS

24×7 Around the Globe

මාස 10 ක නිවුන් බිළිඳියන් දෙදෙනෙකු ඝාතනය කරයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අද (29) අලුයම 3.00 ත් පෙරවරු 8.00 ත් අතර කාලයේදී සමන්තුරේ නින්දවූර් ප්‍රදේශයේ නිවසක සිටි මාස 10 ක් වයසැති නිවුන් බිළිඳියන් දෙදෙනෙකු කපා කොටා ඝාතනය කර තිබේ.

දැරියන් දෙදෙනාගේ සිරුරු නාන කාමරයේ තිබියදී සොයාගෙන ඇති බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ බිළිඳියන්ගේ මව වන 26 හැවිරිදි කාන්තාවක සැක කෙරෙන අතර , ඇය කිසියම් මානසික ආබාධයකින් පෙළෙන්නියක බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.