FAST NEWS

24×7 Around the Globe

අයථා වත්කම් ඉපැයීම සම්බන්ධයෙන් විමල්ට එරෙහි නඩුව 8 වනදා යළි කැඳවයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩුව අගෝස්තු මස 08 වනදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

ඒ කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි හමුවේ මෙම නඩුව අද (29) කැඳවූ අවස්ථාවේදීයි.

2010 වසරේ සිට 2014 වසර දක්වා අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් උපයාගත නොහැකි රුපියල් මිලියන 75 කට ආසන්න වත්කම් උපයාගත් බවට විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව පවරා ඇත.

විත්තියේ නීතීඥවරුන් අද අධිකරණයට දැනුම්දුන්නේ මෙම නඩුවේ පරිඝණක සාක්ෂි වශයෙන් බැංකු කිහිපයකින් ඉදිරිපත් කර ඇති ලේඛණ උත්පාදනය කල පරිඝණක පද්ධති පරීක්ෂා කිරීමට එම ආයතන මෙතෙක් තමන්ට අවසර දී නොමැති බවයි.

එලෙස පරීක්ෂා කිරීමට අවශ්‍ය ලේඛණ කවරේද යන්න දැනුම්දෙන ලෙසටයි විනිසුරුවරයා විත්තියේ නීතීඥයන්ට අනතුරුව දැනුම්දෙනු ලැබුවේය.