(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජාතික පාසල්වල විදුහල්පති පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය ප‍්‍රකාශ කර සිටියි.
ඒ අනුව, රාජ්‍ය සේවා කොමිසන් සභාවේ, අධ්‍යාපන සේවා කමිටුවේ නියමය පරිදි දිවයින පුරා පිහිටි පුරප්පාඩු වී ඇති ජාතික පාසල් විදුහල්පති තනතුරු සම්පූර්ණ කිරීම සඳහා සුදුසුකම්ලත් ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ සහ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන්ගෙන් අයදුම් කැඳවීමට කටයුතු යොදා ඇත.
විදුහල්පති පුරප්පාඩු සහිත ජාතික පාසල් ලේඛනය, අයදුම්පත් කැඳවනු ලබන ජාතික පාසල් සඳහා සුදුසුකම්ලත් නිලධාරීන් පත් කිරීමට අදාළ සේවය, ශ්‍රේණිය, අයදුම්කිරීමට අදාළ සුදුසුකම්, ක්‍රමවේදය සමග අනෙකුත් සියලු ම තොරතුරු හා ආදර්ශ අයදුම්පත්‍රය 2019-07-31 දින www.moe.gov.lk දරන අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළකෙරේ.
අයදුම්පත් කැඳවීම ලබන මස 21 වනදායි අවසන් වෙයි.








