FAST NEWS

24×7 Around the Globe

රුහුණූ හා පේරා‍දෙණි සරසවි වල පීඨ කිහිපයක අධ්‍යයන කටයුතු අද (29) සිට නැවත ඇරඹේ

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත‍්‍ර සහ සමාජ විද්‍යා පීඨයේ අධ්‍යයන කටයුතු අද (29) සිට යළි ආරම්භ කෙරන බව එහි පාලනාධීකාරීය නිවේදනය කර සිටියි.

එසේම එහි කළමණාකරන හා මූල්‍ය පීඨයේ අවසන් වසරේ අධ්‍යයන කටයුතු අද සිට (29) ක‍්‍රියාත්මක කෙ‍රෙයි.

එම පීඨයේ දෙවන වසරේ අධ්‍යයන කටයුතු මේ වනවිට සාමාන්‍ය පරිදි සිදු කෙරෙයි.

එහි පළමු හා තුන් වන වසරවල අධ්‍යයන කටයුතු යළි ඇරඹීම සම්බන්ධයෙන් ඉදිරියේ දී දැනුම්දීමට නියමිත බවද එහි පාලනාධීකාරීය අවධාරණය කරයි.

රුහුණු සරසවියේ වැල්ලමඩම පරිශ‍්‍රය පසුගියදා වසා දැමුණේ සිසුන් සහ අනධ්‍යන කාර්ය මණ්ඩලය අතර ඇති වූ ගැටුම්කාරි තත්ත්වයක් මතය.

මේ අතර පසුගිය 19 වනදා වසා දැමුණු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමණාකරන පීඨයේ කටයුතුද අද (29) සිට ආරම්භ කළ බව එහි පාලනාධීකාරිය නිවේදනය කර සිටියි.