(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට අගෝස්තු 06 වැනිදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැඳවීමට තීරණය කර ඇති බවත් , ඒ බව අග්‍රාමාත්‍යවරයා වෙත අද (29) දිනයේදි දැනුම් දීමට නියමිත බව එම කමිටුවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා මාධ්‍ය වෙත පැවසීය.
අදාළ කාරක සභාව මේ වන විට පාර්ශ්ව රැසකින් සාක්ෂි විමසීම සිදුකර ඇති අතර එහි අවසන් වාර්තාව ලබන මස අවසානයට පෙර ඉදිරිපත් කිරීමට නියමිත බවද හෙතෙම පැවසීය.








