(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කළගෙඩිහේන ප්‍රදේශයේදී වෑන් රථ රියදුරෙකුට පහරදීමේ චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින උපකාරක පංති ගුරුවරයෙකු වන දිනේෂ් නුවන් අමරතුංග ඇතුලු අට දෙනෙකු අද (29) යළි අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
පහරකෑමට ලක්වූ බව කියන පුද්ගලයා ඒ පිලිබද පොලිසියට පැමිණිලි කල අතර ඒ අනුව අදාළ සැකකරුවන් අට දෙනා අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරුවන් කලගෙඩිහේන ප්‍රදේශයේදී ඩිෆෙන්ඩර් රථයකින් සහ සුඛෝපභෝගී ජීප් රථයකින් ගමන් කරමින් සිටියදී මාර්ගය හරස් කරමින් වෑන් රථයකට පහරදී එහි රියදුරට ද පහරදීමට තැත් කල බව දැක්වෙන වීඩියෝවක් පසුගියදා ඉතා සීඝ්‍රයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය.








