(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහා බ්‍රිතාන්‍යයේ සිට මෙරටට ගෙන එන ලද අපද්‍රව්‍ය බහාලුම් සහිත කුණු කන්ටේනර් සියල්ල යළිත් එරටටම යැවීමේ නියෝගයක් ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය ගොණු කල රිට් පෙත්සම අද (29) යළි අභියාචනාධිකරණයේදී සළකා බැලීමට නියමිතය.
පසුගිය බ්‍රහස්පතින්දා මෙම පෙත්සම සළකා බැලුණු අවස්ථාවේදී රජය වෙනුවෙන් නීතිපතිවරයා අධිකරණයට සහතික වී තිබුණේ අද දිනය තෙක් මෙම බහාලුම් පවතින ස්ථානයෙන් ඉවත් නොකරන බවයි.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ද පසුගියදා අදාළ ආයතනයට දැනුම් දී තිබුණේ ලබන 12 වනදා වනවිට මෙම කන්ටේනර් සියල්ලම නැවත මහා බ්‍රිතාන්‍යය වෙත පිටත් කර යවන ලෙසටයි.








