FAST NEWS

24×7 Around the Globe

කොහුවල වෙඩි තැබිමකින් පුද්ගලයෙක් මිය යයි

(ෆාස්ට් නිව්ස් –  කොළඹ) – කොහුවල ප්‍රදේශයේදී ලෑන්ඩ්කෘෂර් වර්ගයේ ජීප් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකුට නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා පළාගොස් ඇතැයි පොලීසිය පවසයි.

අද (28) අලුයම 1.10ට පමණ මෙම වෙඩි තැබීම සිදුකර තිබේ. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ලෑන්ඩ්කෘෂර් රථයේ රියදුරු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබේ.

තුවාල ලැබූ අනෙක් පුද්ගලයා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබේ. වෙඩි තබා පළා ගිය සැකකරුවන් අත්අඩංගුවවට ගැනීමට කොහුවල පොලීසිය පරීක්ෂණ පවත්වයි.