(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අයහපත් කාළගුණය හේතුවෙන් ධීවර කටයුතුවල නිරතව සිටි මාලදිවයින වෙත යාත්‍රා කළ ශ්‍රී ලාංකික ධීවරයන් සහිත බහුදින යාත්‍රා 7 ක් යළි මෙරටට පැමිණෙමින් සිටින බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි.
මෙම යාත්‍රා අයහපත් කාළගුණ තත්වයට මැදිවී මාලදිවයින වෙත යාත්‍රා කර තිබුණේ පසුගිය සතියේදීය.
ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න ගිණිගේ මහතා පැවසුවේ මේ වන විට අදාල යාත්‍රා සහ එහි ධීවරයන් නිරුපද්‍රිතව යළි ගොඩබිම කරා පැමිණෙමින් සිටින බවයි.








