FAST NEWS

24×7 Around the Globe

තේරීම් කාරක සභාවේ මීලග සාක්ෂි විමසීමට අමාත්‍යවරුන් 03ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ කරුණු සෙවීමේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ මීලග සාක්ෂි විමසීම සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා කැඳවීමට නියමිතයි.

තවද වත්මන් රජයේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය භාරව කටයුතු කළ සාගල රත්නායක සහ රංජිත් මද්දුමබණ්ඩාර අමාත්‍යවරුන් කැඳවා තිබෙන බව වාර්තා වේ.

කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා කියා සිටියේ ලබන මස 6 වනදා ඔවුන් කැඳවීමට තීරණය කල බවයි.

ලබන අගහරුවාදා සහ ලබන බ්‍රහස්පතින්දා දිනවලදීද කාරක සභාව රැස්වීමට නියමිතව ඇති අතර එහිදී මෙතෙක් කාරක සභාව හමුවේ පෙනී සිටි තැනැත්තන් ලබාදී ඇති සාක්ෂි අධ්‍යයනය කිරීමට අපේක්ෂා කරන බවයි ආනන්ද කුමාරසිරි මහතා වැඩිදුරටත් කියා සිටියේ.