(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහා බ්‍රිතාන්‍යයේ සිට මෙරටට ගෙන්වා ඇති අපද්‍රව්‍ය සහිත කන්ටේනර් පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙසට මධ්‍යම පරිසර අධිකාරිය රජයේ රස පරීක්ෂකවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
අදාළ කන්ටේනර් තොගයෙන් දැඩි දුඟදක් වහනය වීම හේතුවෙන් මේ පියවර ගත් බව එහි උපද්‍රවකාරී අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ අජිත් වීරසුන්දර මහතා ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත්, එම අපද්‍රව්‍ය බහාලුම් තුළ මිනිස් සිරුරු කොටස් ඇතැයි මෙතෙක් තහවුරු වී නොමැති බව ශ්‍රී ලංකා රේගුව පවසයි.
අපද්‍රව්‍ය සහිත කන්ටේනර් 102 ක් කොළඹ වරායේ මේ වන විට පවතින බවටත් තොරතුරු වාර්තා වේ.
මෙම සිදුවීම බ්‍රිතාන්‍ය රජයේ අනුදැනුම මත සිදුවූවක් නොව ශ්‍රී ලංකාවේ සහ එරට සමාගම් දෙක අතර වූ ව්‍යාපාරික ගණුදෙනුවක් යැයි විශ්වාස කරන බවද , ආර්ථීක කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති හර්ෂණ රාජකරුණා මහතා වැඩිදුරටත් කියා සිටියි.








