FAST NEWS

24×7 Around the Globe

කුලියාපිටියේදී බෙලෙක් සමන්ට වෙඩි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කුලියාපිටිය – ඇපලදෙනිය මංසන්ධියේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය පවසයි.

සිද්ධියෙන් 31 හැවිරිදි ඇපලදෙනිය – ගොමුගමුව ප්‍රදේශයේ පදිංචි සමන් චන්දන හෙවත් බෙලෙක් සමන් නැමැත්තා මෙලෙස තුවාල ලබා ඇත.

ඊයේ රාත්‍රියේ වෑන් රථයකින් පැමිණි පිරිසක් යතුරුපැදියක ගමන් කළ පුද්ගලයෙකුට මෙලෙස වෙඩි තබා පළා ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

වෙඩි තැබීම සිදුකළ පුද්ගලයින් කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැති බව පොලීසිය කියා සිටියි.