(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයා බැලෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද (26) යළි රැස්වීමට නියමිතය.
සාක්ෂි විමසීම සඳහා පළමුවෙන් මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි කැඳවීමට තීරණය කළ බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා කියා සිටියේය.
අනතුරුව නීතිපති දප්පුල ද ලිවේරා කමිටුව හමුවේ සාක්ෂි ලබාදීමට නියමිත අතර , ශ්‍රී ලංකා මහ බැංකුවේ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකුද කැඳවා ඇති බවයි තේරීම් කාරක සභාවේ සභාපතිවරයා සඳහන් කළේ.








