FAST NEWS

24×7 Around the Globe

වෛද්‍ය ශාෆි ෂියාබ්දීන් ඇප මත මුදා හැරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ)රක්ෂිත බන්ධනාගරගතව සිටි කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය ශාෆි ෂියාබ්දීන් මහතා මීට ස්වල්ප වේලාවකට පෙර ඇප මත මුදා හැරීමට කුරූණෑගල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

ඒ විත්තියේ නීතීඥවරුන් කල ඇප ඉල්ලීම සැළකිල්ලට ගනිමින් ඊට අදාළ නඩුව කුරුණෑගල මහේස්ත්‍රාත්  සම්පත් හේවාවසම් හමුවේ විභාගයට ගත් අවස්ථාවේදීයි.

කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කලේ වෛද්‍ය සාෆි ෂිහාබ්දීන්ව රුපියල් ලක්ෂ දෙකහමාරක මුදල් ඇපයක් සහ ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප 04 ක් මත මුදා හරින ලෙසයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා සඳහන් කලේ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් ශාෆි ශියාබ්දීන් මහතාට එරහිව විමර්ශනයක් ආරම්භ කිරීමට මෙතෙක් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි.

මීට අමතරව සෑම ඉරිදාවකම උදෑසන 9ත් සවස 4ත් අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ද ඔහුට නියෝග කර තිබෙන අතර මෙම නඩුව අගෝස්තු 09 වැනිදා යළි කැඳවීමට නියමිතයි.