FAST NEWS

24×7 Around the Globe

යාල වනෝද්‍යානයේ කොටසක් තාවකාලිකව වැසෙයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සැප්තැම්බර් මස 01 වනදා සිට ඔක්තෝම්බර් 31 වනදා දක්වා කාලය තුළ යාල ජාතික වනෝද්‍යානයේ අංක – 01 කොටස වසා තැබෙන බව වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

සතුන්ගේ ස්වභාවික චර්යා රටාවන් සහ ඔවුන්ගේ වාසස්ථාන යථා තත්ත්වයට පත්වීම ඇතුළු තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමුකර එම  දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

නොවැම්බර් මස පළවනදා සිට යාල වනෝද්‍යානය සංචාරකයින් සඳහා නැවතත් විවෘත කිරීමටයි එම දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ.