FAST NEWS

24×7 Around the Globe

තිරිඟු පිටි සඳහා මිල සූත්‍රයක් එයි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  තිරිඟු පිටි සඳහා මිල සූත්‍රයක් සකස් කිරීමට රජය තීරණය කර ඇති බවත් මේ සම්බන්ධයෙන් පෙරේදා (23) පැවැති ජීවන වියදම් කමිටු රැස්වීමේදී මේ සම්න්ධයෙන් දිර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

ඒ අනුව ඊළඟ කමිටු රැස්වීමට මිල සූත්‍රය ඉදිරිපත් කිරීමට නියමිත බව පැවසේ.

ලෝක වෙළෙඳපොළේ තිරිඟු ඇට මිල ඉහළ යාමකදී තිරිඟු පිටි මිල වැඩිවන හා තිරිඟු ඇට මිල පහළ යාමකදී තිරිඟු පිටි මිල අඩු කිරීම මිල සූත්‍රය ගෙන ඒමේ අරමුණ වී ඇති බව පැවසේ.

තිරිඟු පිටි කිලෝවක පාලන මිල වශයෙන් නියම කර ඇති රුපියල් 87 මිල තවදුරටත් ක්‍රියාත්මක කිරීමටද ජීවන වියදම් කමිටුව තීරණය කර තිබේ.