(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රූමස්සල ප්‍රදේශයේ ගල් පර්වතයක වැදී සිරවී තිබූ ‘ග්ලෝරි’ නම් භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ තිබූ ඉන්ධන ඉවත් කිරීමේ කටයුතු මේ වන විට සම්පූර්ණයෙන් ඉවත් කර තිබේ.
පසුගිය දිනවල පැවති තද සුළං සහිත තත්ත්වය හේතුවෙන් මේ නැව ගල් පර්වතයේ වැසී සිරවී තිබූ අතර , නෞකාවේ තිබූ ඉන්ධන මුහුදු ජලයට කාන්දුවීම වැළැක්වීමට සමුද්‍රිය පරිසර සංරක්ෂණ අධිකාරිය දින 04 ක් පුරා මෙම මෙහෙයුම සිදුකරනු ලැබීය.
සමුද්‍ර දූෂණය වැළැක්වීමේ පනතට අදාලව මෙම නැව වහාම එම ස්ථානයෙන් ඉවත් කරගන්නා ලෙස ලිඛිතව දැනුම් දී ඇති බවයි සමුද්‍රිය පරිසර සංරක්ෂණ අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ජගත් ගුණසේකර මහතා සඳහන් කළේ.








