FAST NEWS

24×7 Around the Globe

යාපනය සරසවියේ ගැටුමකින් 11 ක් රෝහලේ

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  යාපනය විශ්ව විද්‍යාලයට අනුබද්ධ කිළිනොච්චිය මණ්ඩපයේ සිසුන් දෙපිරිසක් අතර ඊයේ  (24) ඇති වූ ගැටුමකින් දෙපාර්ශ්වයේම සිසුන් 11 දෙනෙකු තුවාල ලබා කිළිනොච්චිය රෝහලට ඇතුළත් කොට ඇති බව පොලිසිය පවසයි.

විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පලමු වසර සිසුන් පිරිසක් හා ජෙයෂ්ඨ සිසුන් පිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇත.

මේ සම්බන්ධයෙන් කිළිනොච්චිය මණ්ඩපය අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කොට ඇති අතර තුවාලකරුවන් රෝහල් ගත කිරීම හේතුවෙන් කිළිනොච්චිය පොලීසියද පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.