FAST NEWS

24×7 Around the Globe

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා පැවැත්විමට ශ්‍රීලනිපයෙන් යෝජනාවක්

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  ජනාධිපතිවරණය පැවැත්විමට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවට වූ යෝජනාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී සම්මත කරගෙන ඇත.

පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) රාත්‍රී මෙම සාකච්ඡාව පැවැත්වුණී.