(ෆාස්ට් නිව්ස්) – පාස්කු ප්‍රහාරයෙන් පසුව ඇති වූ තත්ත්වය නිසා ඇමැති ධුරවලින් ඉල්ලා අස්වූ සියලූම මුස්ලිම් ඇමැතිවරුන්ට යළිත් අදාළ අමාත්‍ය ධුර ලබා දෙන ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.
අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා මගින් පෙරේදා (23) දිනයේ ලිපියක් මගින් අදාළ ඉල්ලිම සිදුකර ඇති බව පැවසේ.
ඒ අනුව ඉල්ලා අස්වූ සියලූ මුස්ලිම් කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් මීට පෙර දරන ලද අමාත්‍ය ධුරවල ඉතා ඉක්මනින් යළි දිවුරුම් දෙනු ඇතැයිද කියැවේ.
මීට අමතරව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතාට පශු සම්පත් විෂය පවරන ලෙස එමගින් ඉල්ලා ඇතැයිද පැවසේ.








