(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලෙන විශේෂ තේරීම් කාරක සභාව අද (25) පෙරවරු 10 ට පාර්ලිමේන්තුවේදී යළි රැස්වීමට නියමිතව ඇත.
අද දිනයේදීත් සාක්ෂි විමසීම සඳහා පස් දෙනෙකු කැඳවන බව එහි සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා කියා සිටියේය.
අද (25) දිනයේ පොලිස් විශේෂ කාර්යය බලකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ් මහතා කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට නියමිතව ඇත.
මීට අමතරව හිටපු පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා සහ හිටපු නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න මහතා ද අද දිනයේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටිමට නියමිතයි.








