(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තැපැල් සේවක වෘත්තිය සමිති තම වැටුප් සහ උසස් වීම් ඇතුළු ගැටළු කිහිපයක් මුල් කර ගනිමින් සිදුකරන ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද (25) රැස්වීමට නියමිතය.
ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැදවුම්කරු චින්තක බණ්ඩාර කියා සිටියේ අද දිනයේදි සාකච්ඡාව සඳහා සියලු තැපැල් වෘත්තිය සමිති කැඳවා ඇති බවයි.
පසුගිය 22 වනදා ද ඔවුන් අසනීප නිවාඩු දමා එක්දින සංකේත වර්ජනයක නිරත වූ අතර , මේ හේතුවෙන් මධ්‍යම තැපෑලේ ලිපි ලක්ෂ 06 ක් පමණ සිරවී ඇති බවත් වාර්තා වුණි.








