FAST NEWS

24×7 Around the Globe

පොදු සන්ධානයක් ගොඩ නැගීම සදහා නිදහස් පක්ෂය හා පොහොට්ටුව අදත් සාකච්ඡාවක

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර තවත් සාකච්ඡාවක් අද (25) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වේ.

පොදු සන්ධානයක් ගොඩ නැගීම වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙම සාකච්ඡා වටය පවත්වනු ඇත.

ඒ සදහා දයාසිරි ජයසේකර , මහාචාර්ය රෝහණ ලක්ෂමන් පියදාස සහ තිලංග සුමතිපාල යන මහත්වරුන් නිදහස් පක්ෂය නියෝජනය කරන අතර පොදුජන පෙරමුණු නියෝජිතයන් වන්නේ මහාචාර්ය ජී එල් පීරිස් , ආචාර්ය ජගත් වැල්ලවත්ත සහ ඩලස් අලහප්පෙරුම යන මහත්වරුනුයි.