FAST NEWS

24×7 Around the Globe

අර්ජුන මහේන්ද්‍රන්ට වරෙන්තු නිකුත් කිරීම පිළිබද තින්දුව ලබන 09

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මහ බැංකු බැදුම්කර වංචාව පිළිබඳ නඩුවේ පළමු විත්තිකරු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට වරෙන්තු නිකුත් කරන්නේද නැද්ද යන්න පිළිබද තීරණය ලබන මස 09 වනදා ලබාදෙන බව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය දැනුම් දුන්නේය.

ඒ මෙම නඩුව අද (24) සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ කැදවූ අවස්ථාවේදීයි.

නඩුවේ පළමු විත්තකරු වන මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමට වරෙන්තු නිකුත් කරන්නැයි නිතිපතිවරයා පසුගිය 19 වැනිදා අධිකරණය හමුවේ ඉල්ලිමක් කරනු ලැබීය.

ඒ සම්බන්ධ නියෝගය අද ලබාදිමටයි නියමිතව තිබුනි.

එහෙත් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ල අද දැනුම් දුන්නේ එම ඉල්ලිම ලබන 9 වැනි දිනට පෙර දිවුරුම් ප්‍රකාශයක් මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

එමෙන්ම මෙම නඩුවේ 10 වන විත්තිකාර වන පර්පෙචුවල් ටේ‍රෂරිස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ අජාන් පුංචිහේවා නැමැත්තාට අධිකරණයේ පෙනි සිටින්නැයි දන්වා අධිකරණ අමාත්‍යාශයේ ලේකම්වරයා හරහා සිතාසි නිකුත් කිරිමටද විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කළහ.