FAST NEWS

24×7 Around the Globe

ඉරිදා සහ පෝය දිනවල උපකාරක පන්ති සීමාකිරීමට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉරිදා සහ පොහොය දිනවලදී උපකාරක පංති පැවැත්වීම සීමා කිරීමට අදාළ යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර , එය පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස සභාගතකර තිබේ.

අදාළ යෝජනාවට අනුව ඉරිදා සහ පොහොය දිනවල උපකාරක පංති පැවැත්විය හැකිවනුයේ පස්වරු 03 න් පසුවයි.

එම නියෝග කඩකරමින් උපකාරක පංති පැවැත්වීම හෝ ඊට පහසුකම් සලසන පුද්ගලයන්ට රුපියල් දසදහසකට නොඅඩු දඩයක් පැණවිය යුතු බවටද මෙම යෝජනාවෙන් නිර්දේශ කර තිබේ.