FAST NEWS

24×7 Around the Globe

“මහවැලිය – සංහිඳියාවේ ගංගාව” සහ “95න් පසු මහවැලි” ජනගත කිරීම අද

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  “මහවැලිය – සංහිඳියාවේ ගංගාව” සහ “95 න් පසු මහවැලි” ග්‍රන්ථ ජනගත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වෙයි.

1995 වසරේ සිට ගත වූ වසර 15 ක කාලය තුළ කඩිනම් මහවැලි සැලැස්මට ඔබ්බෙන් ක්‍රියාත්මක වූ ව්‍යාපෘති සහ වැඩසටහන්වල ක්‍රියාකාරිත්වය පිළිබඳ ලිඛිත ප්‍රකාශනයක අඩුව සපුරාලමින් මහවැලි අධිකාරියේ මූලිකත්වයෙන් “95 න් පසු මහවැලි” ග්‍රන්ථය සම්පාදනය කර ඇත.

එමෙන්ම ‘‘මහවැලිය සංහිඳියාවේ ගංඟාව’’ ග්‍රන්ථයේ අන්තර්ගත වන්නේ මහවැලි ගංඟාව පිළිබඳවයි.

ජල කළමනාකරණයේ විශේෂඥයෙකු සහ 1976 සිට වරින් වර මහවැලියට එක්ව කටයුතු කළ ආචාර්ය එම්.යූ.ඒ. තෙන්නකෝන් මහතා මෙම උත්සවයේ ප්‍රධාන දේශනය සිදු කරන අතර විද්වතුන්, කලාකරුවන් විශ්වවිද්‍යාල සිසුන් සහ මහවැලි සහ පරිසර විෂයට සම්බන්ධ වෘත්තිකයින් ඇතුළු පිරිසක් උත්සවයට සහභාගීවීමට නියමිතය.