FAST NEWS

24×7 Around the Globe

පානදුර දකුණ පොලිසියේ ගිනි අවි අතුරුදන් විමේ සිද්ධිය විමර්ශනය සී.අයි.ඩී යට

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  පානදුර දකුණ පොලිස් ස්ථානයේ තිබු T- 56 ගිනි අවි අතුරුදහන් වීමේ සිදුවීම පිලිබඳ වහාම පරීක්ෂණ ආරම්භ කරන ලෙස වැඩ බලන පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ඉකුත්දා පානදුර පොලිස් ස්ථානයේ තිබු T56 ගිනි අවි කිහිපයක් අස්ථාන ගත වී ඇති බව නිලධාරියෙකු විසින් අවි ගබඩාව පරික්ෂා කිරීමේදී හෙළි වි තිබුණි.