(ෆාස්ට් නිව්ස් – කොළඹ) – බ්‍රිතාන්‍යයේ කන්සර්වේටිව් පක්ෂයේ නායකයා සහ නව අග්‍රාමාත්‍යවරයා ලෙස බොරිස් ජොන්සන් අද (24) දිවුරුම් දීමට නියමිතය.
කන්සර්වේටිව් පක්ෂ සාමාජිකයින් එක්ලක්ෂ හැටදහසක් මෙම තෝරා ගැනීම සදහා ඡන්දය ප්‍රකාශ කර තිබේ.
සියලු හැකියාවන් ප්‍රදර්ශනය කරන කැබිනට් මණ්ඩලයක් තමන් ගොඩනගන බව එම ජයග්‍රහණය ලැබු බොරිස් ජොන්සන් ප්‍රකාශ කර තිබේ.
තෙරේසා මේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය දෙවන එළිසබෙත් මහ රැජිණ වෙත අද දිනයේ දී භාරදීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කියයි.
ඉන් අනතුරුව බොරිස් ජොන්සන් බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමීත බවද පැවසේ.








