(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්රී ලංකා දුම්රිය සේවයට එක් කිරීම සඳහා එස් – 13 ද්විත්ව බලවේග කට්ටලයක් සහ එම් – 11 එන්ජිමක් ශ්රී ලංකාවට කොළඹ වරාය හරහා ගොඩබස්සවා ඇති බව ප්රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්යංශය සදහන් කරයි.
ඉන්දීය ණය ආධාර යටතේ මේවා ශ්රී ලංකාවට ගෙන්වා තිබේ.
එවැනි තවත් එන්ජින් 06ක් ඉදිරියේදී ගෙන්වීමට නියමිත බව වාර්තා වෙයි.
ඊට අමතරව උඩරට මාර්ගයේ ධාවනය සඳහා එස් 14 වර්ගයේ බලවේග කට්ටල 09 ක් චීනයෙන් ගෙන්වීමට ද සැලසුම් කර තිබෙන බව ප්රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්යංශය පවසා සිටියි.








