FAST NEWS

24×7 Around the Globe

වසරේ මේ දක්වා කාලය තුළ බීඩි කොළ 25000 kg අත්අඩංගුවට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   වසර ආරම්භයේ සිට මේ දක්වා ගත වූ කාල සීමාවේ උතුරේ විවිධ ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලදී බීඩි කොළ කිලෝ ග්‍රෑම් 25000 ක් සමග සැකකරුවන් 19 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි නාවික හමුදාව සදහන් කරයි.

මේ අතර , උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් මන්නාරම තාල්පාඩු වෙරළ තිරයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදි බීඩි කොළ කිලෝග්‍රෑම් 1006 ක් සමග සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් වයස අවුරුදු 27 ත් 41 ත් අතර වියේ පසුවන අතර , සැකකරුවන් හා බීඩි කොළ තොගය ඉදිරි විමර්ශණ සදහා යාපනය රේගු කාර්යාලය වෙත භාරදි ඇත.