(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ප්‍රාථමික අධ්‍යාපනය ලබන පාසල් සිසුන් වෙත දෛනිකව උදෑසන දියර කිරි පැකැට්ටුවක් ලබාදීමේ ජාතික වැඩසටහන ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) රත්නපුර කලවාන කජුගස්වත්ත ශාස්ත්‍රෝදය විද්‍යාලයේ දී ආරම්භ කරනු ලැබීය.
ඒ 2025 වන විට ශ්‍රී ලංකාවේ දියර කිරි නිෂ්පාදනය ඉහළ දැමීම හා ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවන්ගේ පෝෂණය ඉහළ නැංවීම යන අරමුණු පෙරමුණු කරගෙනයි.
“කිරෙන් සපිරි දැයක්” තේමාව යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහන ජනාධිපති කාර්යාලය සහ ග්රාමශක්ති ජනතා ව්‍යාපාරය එක්ව සංවිධානය කරනු ලබන අතර අධ්‍යාපන අමාත්‍යාංශය සහ පශූ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සහය ලබාදෙයි.
මෙම වැඩසටහනේ පළමු පියවර වශයෙන් පළමු වසරේ සිට පහ වසර දක්වා දරුවන් ලක්ෂ හතරකට දිනකට කිරි මිලි ලීටර් 150ක් ලබාදීම සිදුවේ.
මේ සඳහා රජය වසරකට වෙන්කර ඇති මුදල රුපියල් මිලියන දහසක්.
මිට අමතරව, දේශීය කිරි ගොවියා ශක්තිමත් කිරීම ‘කිරෙන් සපිරි දැයක් ‘වැඩසටහනේ තවත් ප්රමුඛ අරමුණක් වන අතර මෙම වැඩසටහනට සමගාමීව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 332 ක් ග්‍රාම ශක්ති හරහා කිරි ගම්මාන ඇති කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට කටයුතු කරනු ලබයි.








