(ෆාස්ට් නිව්ස් – කොළඹ) – විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්රී ලංකාවේ අමෙරිකානු තානාපති ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය අතර හමුවක් අද (23) පෙරවරුවේ විජේරාම පිහිට විපක්ෂ නායක නිල නිවසේදී පවත්වා තිබේ.
සාකච්ඡාව සඳහා මහින්ද රාජපක්ෂ මහතාට අමතරව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස්, පාර්ලිමේන්තු මන්ත්රී කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්වරුන්ද සහභාගී වී ඇති බව විපක්ෂ නායක කාර්යාලය පවසයි.
අමෙරිකානු තානාපති කාර්යාලයේ ඉල්ලීමක් මත මෙම හමුව සිදුව ඇති අතර රටේ වත්මන් දේශපාලන වාතාවරණය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කර ඇති බවද කියැවේ.








