FAST NEWS

24×7 Around the Globe

තේරීම් කාරක සභාව අද (24) මාධ්‍යයට විවෘත නොවෙයි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමට පත්කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද (24) පෙරවරු 10.30ට යළි රැස්වීමට නියමිත අතර ,අද දිනයේදි මෙහි කටයුතු මාධ්‍ය වෙත විවෘත නොකෙරෙන බව කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි පැවැසීය.

රාජ්‍ය බුද්ධි ප්‍රධානි, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න සහ එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර, පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වරුණ ජයසුන්දර සහ එම කොට්ඨාසයේ පොලිස් පරීක්ෂකවරයකු වන තරංග පතිරණ කාරක සභාව හමුවට අද කැඳවා ඇතැයි ඇතැයිද එ මහතා පැවැසීය.

තේරීම් කාරක සභාව පෙරවරු 10.30 සිට 6.30 දක්වා පැවැත්වෙන අතර කාරක සභාව හමුවට පැමිණෙන සාක්ෂිකරුවන්ගේ ඡායාරූප ලබාගැනීමද මාධ්‍යයට තහනම් කර ඇති බව එ මහතා පැවසීය.