(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 උසස් පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍ර මෙතෙක් නොලැබුණු පෞද්ගලික අයදුම්කරුවන් සඳහා අදාළ ප්‍රවේශ පත්‍ර හෙට (24) සිට විභාග දෙපාර්තමේන්තුවේ නිළ වෙබ් අඩවියෙන් ලබා ගත හැකි බව එම දෙපාර්තුමේන්තුව පවසයි.
පසුගියදා පැවති තැපැල් වර්ජනයත් සමඟ ප්‍රවේශ පත්‍ර අයදුම්කරුවන් වෙත ලැබීමේ ප්‍රමාදයක් පවතින බැවින් මෙම පියවර ගත් බව එම දෙපාර්තුමේන්තුව කියයි.
විභාග දෙපාර්තුමේන්තුවේ https://doenets.lk/වෙබ් අඩවියට පිවිස තම ජාතික හැඳුනුම්පත් අංකය සටහන් කොට අදාළ විභාග ප්‍රවේශ පත්‍රය ලබා ගැනීමේ හැකියාව පවතින බව එම දෙපාර්තුමේන්තුව කියයි.








